Saturday, August 8, 2015

පෝස්ට් හොරු

මේක ලංකාවේ හැටියද මන්දා, ඒත් අනුන්ගේ දෙයක් හොරකම් කරන එක ගොඩක් වැරදි වැඩක්. අපේ රටේ බ්ලොග් ලියන අය දන්නවා එයාල ඒවා ලියන්න වෙන මහන්සියත්, තමන් මහන්සි වෙලා ලියන ඒ දේවල් තව කෙනෙක් තමන්ගේ කියලා බොරුවට දාගෙන අනෙක් අයව රවටනව දැක්කම දැනෙන දේත්. මුලින්ම කිව්වා වගේ මේ කතා මගේ අදහස් සහ මගේ කතා කියවන්න එන අයගේ වටිනා අදහස්, ඒ නිසා කරුණාකරලා කියන්නේ පෝස්ට් උස්සන්න එපා..

Wednesday, August 5, 2015

තරුෂී

මුලින්ම සමාව ඉල්ලනවා කියපු දවසටම මට කතාව පෝස්ට් කරන්න නොහැකි වීම ගැන. ගෙදර යම් යම් ප්‍රශ්න කිහිපයකට සහ උපාධියට අදාල විභාග පැවත් උනු නිසා බුකියටවත් ගොඩවීමට පහුගිය ටිකේ හැකියාවක් ලබුනේ නෑ..


හරි,මුලින්ම කියන්න ඕනේ මේක ප්‍රබන්ධයක් විනා සත්‍ය සිදුවීමක් නොවන බව..

පරිච්ඡේද අංක : 1


      ඔහු එදා ටිකක් කලින් ගියානන්, අද මෙහෙම වෙන්නෙ නෑනේ , ඔව් කලින් ගියානන්..
එහෙනන් තාමත් ඔහු තමන්ගේ පරන ජීවිතේම ගෙවෙනවා..

මේ සේරම පටන් ගත්තේ සිකුරාදා. සතිඅන්තෙ පටන් ගන්න තිබ්බේ තව ටික වෙලාවයි.තාරුක ඩිල්ශාන් තම පුටුවේ  නිසොල්මනේ වාඩි වී තමා ඉදිරිපිට වූ පරිඝණකයේ ඇති ඔරලොසුව දෙස බලා සිටියදී තමා පිටුපසින් “ටොක් ටොක් හඬක් ඇසුන අතර ඒ තම ආයතනයේම සේවය කරන නිසංසලා බව හඬ ඇසුන දෙස බැලූ ඔහුට දැක ගත හැකිවිය. තවමත් තරුණ, ආයතනයේ සැමගේම දුක සැප සොයා බලන ඕ සැමවිටම ලස්සනට සිටින කාන්තාවකි.
මන් දන්නවා ඔයා යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා, ඒ උනාට මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනේ ඉක්මනට ඇය තම කතාව එලෙස පටන් ගත්තාය.
 තාරුක ආයතනයේ අනෙක් අය මෙන් සතිඅන්තයට පමනක් ආයතනයෙන් බැහැරවීමට බලා සිටියේ නැත. වයස විසිහතක් වන තවමත් තනිකඩ ජීවිතයක් ගත කර තාරුක, තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වූ වහාම තම විශ්ව විද්‍යාලයේම ගුරුමහතෙකුගේ උපකාරයෙන් මෙම ආයතනයට තාවකාලිකව බැඳුනේය. මෙම ආයතනයේ ව්‍යාපර ශක්තීන් හා හැකියාවන් ගැන සොයාබැලීම ඔහුගේ වගකීම වූ අතර ඒ සඳහා ආකර්ශණීය වේතනයක්ද ඔහු ලැබුවේය. නමුත් ඔහුට තම රැකියාව කරන විට මුනගැසුණු බොහෝ පුද්ගලයන් ගණුදෙනු කිරීමට අපහසු පුද්ගලයන් නිසා තමන් නැවත මෙහි නොපැමිනීම ගැන එතරම් දුකක් ඔහුට තිබුනේ නැත.
හරි කියන්නකෝ, මන් දැන් යන්න හදන්නෙ.
නිසංසලා සිනහවක් සමගින් ඔහු ඉදිරිපස වූ ආසනයේ ඉඳගත් අතර ඇයගේ ෆර්ෆියුමයේ සුවඳ ඔහුට මනාව දැනුනි.
ඉතින්.. අපි කීපදෙනෙක් එකතුවෙලා දෙයක් කරන්න හදන්නේ චරිත්ට.
කාට?”
නිසංසලා තරහව මුසු පෙනුමක් මුහුනට නගාගත්තාය.කාර්යාලයේ සැමට ඇය උදව් කරන නිසා සැවම ඇය දැන සිටියද තමන් ඒ ගැන නොදන්නා බව ඇය නොදන්නා බව ඔහු සිතුවේය.
අයියෝ ඔයා දන්නවා අනේ.. චරිත්ව.
තාරුකට ඉක්මනටම පිටවීමට උවමනා නිසාම ඔහු තම හිස වැනුවේය..
හරි,” ඇය පටන්ගත්තාය. “චරිත් මේ දවස්වල එයාගෙ ඩිවෝස් එකෙන් පස්සෙ ගොඩාක් දුකෙන් හැසිරෙන්නේ ඉතින් අපි කීපදෙනෙක් හිතුවා එයාව කොහොමද ආයිම පරණ තත්වෙට පත් කරන්නේ කියලා.
හරී ඉතින්... ඔයා මේ කියන්නේ මට එයා එක්ක එලියට යන්න කියලද නැත්තන්..
අනේ, දෙයියනේ නෑ. නිසංසලා තම සිනහව වසා ගනිමින් පැවසුවාය.. “මන් අපේ ඔෆිස් එකේ චරිත්ගෙ වයසේ කට්ටිය  හම්බෙන්න මේ යන්නෙ එයාලා දන්නවනන් චරිත්ට හොඳ කෙනෙක් කියයි කියලා.
තාරුක කල්පනාවට වැටෙමින් තම මුහුන අතින් කැසුවේය. තත්පරයකට ඔහුට ඇත්තටම සිතුවේ නිසංසලා විමසන්නේ ඔහුට චරිත් සමග එලියට යා හැකි බවද යන්නයි. තම කුඩා ශරීරය හා පැහැපත් සිරුර නිසා ඔහු වටා සිටින පුද්ගලයන් ඔහු සමලිංගිකයෙකු යයි සිතන බව ඔහු දැන සිටියේය..
සැබැවින්ම ඉතා හොඳ පුද්ගලයෙකු වුවත් ගොඩක් තරුණියන් හැඩිදැඩි හා උස පුද්ගලයින්ට කැමති නිසා ඔහු සැමවිටම තරුණියන්ගේ මිතුරෙකු බවට පමනක් පත් වී සිටියේය.. සමහරෙකු තම ඇඳුම ගැන ඔහුගෙන් විමසද්දී තවකෙකු තම පෙම්වතාගෙන් පැමිනි පණිවිඩය ඔහුට පෙන්වා එහි තේරුම විමසයි. ඔහු තරුණියක සමඟ සම්බන්දතාවයක් ඇති කරගෙන සිටිනවා දැක නොමැති නිසා ඔහු සමලිංගිකයෙකු බව ඔව්හූ සිතූ අතර, ඔහු කිසිවිටෙක යහලුකමකට වඩා දෙයක් තරුණියකගෙන් ලබාගැනීමට අපොහොසත් වීමෙන් කණස්සල්ලෙන් සිටින බව ඔව්හූ කවදාවත් දැන සිටියේ නැත.
ඇත්තටම මේ වෙලාවෙ නම් මට කිසි කෙනෙක් මතකෙට එන්නේ නෑ,” තාරුක පවසුවාය. “සමාවෙන්න උදව් කරන්න බැරි උනාට.
ඔයාගෙ නෑදෑ වෙන නංගි මොකද?.”
නිසංසලා විමසන්නේ ඇය ඔහු දැකීමට පැමිනි වේලාවකදී  අහම්බෙන් මෙන් නිසංසලාට මුණගැසුනු තම ඥාති සොහොයුරිය වන තරුෂී ගැන බව දැන ගත් ඔහු “නෑ මන් හිතන්නේ එයාට ගමේ පෙම්වතෙක් ඉන්නවා.” තාරුක එලෙස පැවසුවේ තම නැඟනියට පෙම්වතෙක් නොමැති බව දැන දැනත්ය.
ම්ම්ම් ඇත්තද?”  නිසංසලා ඇසුවාය. කමක් නෑ මට එයාගෙ නම්බර් එක දෙනවද?, සමහරවිට මන් ඇහුවොත් එයා කැමති වෙයි මෙහෙ එන්න.”
තමාට ආ සිනහව අමාරුවෙන් තද කරගත් තාරුක කොල කැබැල්ලක් ගෙන ප්‍රතමයෙන්ම මතකටය ආ තමන්ගේ ප්‍රියතම ආපන ශාලාවේ නම්බර් එක ලියා නිසංසලා අතට පත් කරේ නිසංසලා චරිත්ට දෙන කරදරය ගැන හිතෙන් දුක් වෙමිනි. එය ඔහුගේ ප්‍රියතම ආපන ශාලවේ නම්බරය වූ අතර නිසංසලා හෝ චරිත් එම නම්බරයට ඇමතීමට උත්සහ කරද ඔහු නැවත මෙහි පැමිනෙන්නේ නැති නිසා ඔහු ඒ ගැන තැකීමක් කලේ නැත.
ස්තූතියි,” ඇය කොල කැබැල්ල අතට ගනිමින් පැවසුවාය. “ඔයාට වෙන කෙනෙක් මතක් උනොත් මට කියන්න හරිද?”
මන් කියන්නම්,” ඔහු පැවසුවේ ඇයව පසු කර තම කාර්යාලයෙන් පිටවෙන අතරය..
ඔහුට එතනින් පිටවීමට හැකිවීම තරම් සතුටක් තවත් තිබුනේ නැත..





පරිච්ඡේද අංක : 2


තාරුක සෝෆානයෙන් බැස තම නිවස තිබෙනා තැනට පිටවෙමින් සිටින විටදී තම නිවසට අනෙක් පස සිටිනා සාරතී ඔහුට මුන ගසුන අතර ඇය,
සුභ සන්ධ්‍යාවක්,” යයි පැවසුවාය..
සුභ සන්ධ්‍යාවක්,” සිනහවක් සමග අත මිට මොලවා ඇය වෙත දිගු කරමින් තාරුක පැවසුවේය. එය ඔවුන් දෙදෙනා නිතරම භාවිතා කරනා අභිනයක් වන අතර ඇයද තම අත මිට මොලවා තාරුකගේ අතෙහි වැද්දුවේය.. පසුගිය වසර දෙකෙහිම මෙහි පදිංචි වී සිටින සාරතී සමඟ ඉතා ඉක්මණින් මිතුදමක් ඇති කරගන්නට තාරුක සමත් වුවද, මිතුදමකින් එහාට වූ බැඳීමක් පිළිබඳව තමාට ඇයගෙන් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු ඉක්මණින් තේරුම් ගත්තේය.
ඔහු ඇයට කැමති වුවද ඔහු ඇය සොයනා ආකාරයේ කෙනෙකු නොවන බව ඔහු දැන සිටියේය. ඒ ඇය කෙලින් කතාකර කෙලින් වැඩ කරන එකියක වූ නිසාය. ඇය ලස්සනය, නමුත් පෙර කී ගුණාංග නිසා ඇය සමග එලියට ගිය සැමදාම ඔහුට තමා නිකමෙකු මෙන් හැඟීමක් ඇතිවුණි..
කොහොමද මගේ අළුත් බූට්ස් දෙක?” තම නිවසේ දොර විවෘත කරමින් ඇය ඇසුවාය.
ඇය දෙස බැලූ ඔහුට දක්නට ලැබුනේ ලෙජින්ස් කලිසම සහ ස්වේටර් බ්ලවුසය සමග පැළැඳ සිටි කලු ලෙදර්, අඩි හතරක් පමණ උසැති බූට්ස් යුගලයය. තාරුක තම මහපට ඇඟිල්ල ඔසවා පෙන්වුවේය. බලයලත් රූපලාවන්‍ය විශේෂඥවරියක වන සාරතී කවදාවත් තමන්ට නොගැලපෙන හෝ තම පෙනුම අඩු වන සේ හැඳ සිටි නැති අතර සතියකට වරක්වත් තම කොණ්ඩ විලාසිතාව වෙනස් කරන්නීය.මේ සතියේ කොණ්ඩය තද කළු පැහැති බොබ් මෝස්තරයට හැඩගන්වා තදට හුරු මේක්-අප් එකක් සමග තද රතු තොල් ආලේපනයකින් ඇය හැඩ ගැන්වී සිටියාය.
මුළු රෑම ගේ අස්සට වෙලා ඉන්න එපා,” නිවසට ඇතුළු වී දොරවසාගනිමින් ඇය පැවසුවාය.
උත්සහ කරන්නම්,” එසේ පැවසුවද ගොඩක් රාත්‍රී වල තමන් ගෙදරට වී කම්මැලි කමේ කාලය ගත කරන බව ඇය දන්නා බව ඔහු දැන සිටියේය..
මෙම සති අන්තයද වෙනදා මෙන්ම කම්මැලිකමෙන් ගෙවන්නට තාරුකට සිදුවිය. ඔහු තම මිතුරන් වන නිසල්ට හා සම්පත්ට ඇමතුවද නිසල් තම පෙම්වතිය සමග ගමනක් යෑමට ඇති බව පැවසූ අතර සම්පත් ඇමතුමට උත්තර දුන්නේද නැත.
තාරුක තවත් සතියක් තම අළුත් රැකියාව පටන් ගන්නට කලින් නිවාඩු ගැනීමට සිතා සිටියේය. ඔහුගේ නව රැකියාව ඩයිනොටෙච් ආයතනයෙන් ලබාගැනීමට ඔහුට හැකි වී තිබුණි. එම ආයතනයේ වර්තමානයේ ආර්ථික තත්වය පසුබැසීමට හේතුව සොයා බැලීමට ඔහුට පැවරී තිබුණි. ඔහු එම ආයතනයේ තමාගේ ගිවිසුම තම පලමු දිනයේ අත්සන් කිරීමට ලෑස්ති වී සිටි අතර එහි කළමණාකරු අසේල විමලවීර මහතාගෙන් ඇමතුමක් හදිසියේම ලැබීම ගැන ඔහු විමතියට පත් විය.
හලෝ, තාරුක. අසේල කථාව පටන් ගත්තෙය. “කොහොමද ජීවිතේ?”
හොඳයි,” තාරුක පෙරළා දුරකතනයෙන් පිළිතුරු දුන්නේය. “සර්ට?”
වරදක් නැහැ. මන් කෙලින්ම කතාවට බහින්නම්, මන් ඔයාට කතා කරේ අපේ ආයතනය මේ වෙලාවේ තියෙන තත්වෙත් එක්ක අපි අලුතෙන් කට්ටිය බඳවා ගන්න එක තාවකාලිකව නවත්තන්න තීරණේ කරලා තියෙනවා කියන්න.
මොකක්?” තාරුක ඇසුවේය. “මට තේරුනේ නෑ සර්.
සමාවෙන්න තාරුක, මේක ඔයාගේ වරදක් නෙමෙයි. ඔයා ඉන්ටර්විව් එක හොඳට කලා. අපි මේ වෙලාවෙ අලුතෙන් කෙනෙක්ව ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ. ගිය සිකුරාදා අපිට මෙහේ වැඩ කර කර හිටපු දෙතුන් දෙනෙකුත් යවන්න සිද්ධ වුන ඒ නිසා.. මන් දැන්ම ඔයාට මේ ගැන කිව්වේ එතකොට ඔයාගේ වැඩ පාඩු වෙන්නේ නැති නිසා.
තාරුක ඔහුට ස්තූති කර තම දුරකථනය තැබූ අතර ඔහුට යෑමට වෙන රැකියාවක් බලා තිබුනේ නැත. මෙය තාවකාලික රැකියාවල හැටි බව තාරුක දැන සිටි අතර යම් මුදලක් තමා ඉතුරු කර ඇති බවද ඔහු දැන සිටියේය.




පරිච්ඡේද අංක : 3


සති දෙකක් ගතවුනද තවම රැකියාවක් සොයාගැනීමට තාරුකට හැකියාවක් ලැබුනේ නැත. එක් බ්‍රහස්පතින්දා දිනයක  සාරතී සහ තාරුක, තාරුකගේ නිවසේ ටීවී බලමින් සිටි අතර තාරුක තමාගේ අසාර්තක ප්‍රයත්නය ගැන ඇයට පැවසුවාය.
මන් මේ කල්පනාකරමින් හිටියේ මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රසන් කියලා එයාගෙ ඇඩ් එකකට කට්ටිය හොය හොය හිටියේ,”  සාරතී පැවසුවාය. “ලොකු ආධායමක් නන් නැති වෙයි, ඒත් මාසේ බිල් ටිකවත් කරදරයක් නැතිව ගෙවන්න පුළුවන් වේවි.
වෙලාවෙ හැටියට මන් ඕන දෙයක් කරනවා,” තාරුක පැවසුවේය. “මට හැමවෙලේම කලින් වගේ රඟපාන්න ඕනේ කම තිබුණා, ඒත් මේ විදිහට නම් නෙමෙයි.
රඟපෑම තාරුක හැමවිටම සතුටෙන් කල විනෝදාංශයක් වන අතර ඉගෙනීම කරන විට රඟපෑම ඉගෙනගැනීමටද උනන්දුවක් තිබුණි. “මන් ඔයාට සල්ලි දෙන්නේ ඔයා වැදගත් දෙයක් ඉගෙනගන්නවානන් විතරයි,” ඔහුගේ තාත්තා රඟපෑම ඉගෙනගැනීමට තිබුනු අදහස වාෂ්ප කරමින් පැවසුවේය..
එවිටම ඔහුගේ දුරකථනය නාද වූ අතර ඔහු සිතුවේ එය රැකියාවක් සම්බන්ධ ඇමතුමක් කියාය.
හලෝ?”
තාරුක?”
කාටහඬ හුරුපුරුදුය...
ඔව්, මේ තාරුක තමයි. කව්ද මේ?”
නිසංසලා. ඔයා වැඩක නෙමෙයි නේද?”
තාරුකට තමන්ගේ මුහුන නරක් වෙන අයුරු දැනුණු අතර නිසංසලා සමග ගනුදෙණු කිරීම මේ මොහොතේ අවසානයටම ඔහුට අවශ්‍ය වී තිබුණු කරුණ විය.
නෑ,” ඔහු පැවසුවේය. “කොහොමද මගෙ නම්බර් එක හොයාගත්තේ?”
බිරාන් මට දුන්නේ,” ඇය පැවසුවාය.
බිරාන් නමැත්තෙකුට තම නම්බරය දුන්නායැයි මතකයක් වත් ඔහුට නැත.
 මොකක්ද ප්‍රශ්නේ?” තාරුක ඇසුවේය.
හ්ම්ම්... මන් හිතන්නේ ඔයාට මතකයි මන් ඔයාට කිව්වා මන් චරිත්ට කෙනෙක්ව හොයලා දෙන්න මහන්සි වෙනවා කියලා. ඒ උනාට මන් කියපු ගොඩ දෙනෙක් ඒක සීරියස් අරගෙන නෑ වගේ..”
පුදුම වෙන්න දෙයක් නෑ ඒ ගැන, තාරුක සිතුවේය...
ඒක නෙමෙයි මන් මේ කතාකරේ ඔයා තරුෂිට කතා කරාද කියල අහන්න? මට එයා එක්ක කතා කරන්න බෑනෙ ඔයා එයා එක්ක කතා නොකර.
නෑ මට බැරි උණා, එයා කොහොමත් එහෙම දේවල් වලට වැඩි කැමැත්තක් නෑ, සමහරවිට ඔයා චරිත්ටම ඉඩ දුන්නානම් හරි එයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න.
මට තේරෙනවා,” නිසංසලා පැවසුවාය. “ඒක මේ.. චරිත් මගෙයි මහෙ මහත්තයගෙයි හොඳ යාලුවො, ඉතින් ඩිවෝස් එකෙන් පස්සේ එයා ගොඩක් තනි උනා. ඒකයි මන් මේ එයාට හොඳ විශ්වාසවන්ත කෙනෙක් හොයලා දෙන්න හදන්නෙ?”
ඔයාට එයාගෙන් අහන එක කරදරයක් නෙමෙයි නම් පොඩ්ඩක් එයාගෙන් අහන්න පුලුවන්ද? අඩුම ගානෙ එයාගේ නැති වෙච්ච ආත්ම විශ්වාසෙවත් තරුෂි නිසා හදාගන්න පුලුවන් වෙයි
ආහ්, මන් බලන්නම් මට කරන්න පුලුවන් මොනවද කියලා. තාරුකට තමන්ගේ කටින් පිටවෙනවා ඇසුනි.
ගොඩක් ස්තූතියි තාරුක. බායි..”
බායි..”
දුරකතනය පසෙකින් තැබූ තාරුකට දැක ගන්නට හැකි වූයේ තවමත් තමන් දෙස බලා සිටින සාරතීය.
මොනාද ඒ කතා කරේ?” ඇය ඇසුවාය.
තාරුක ඇයට සියල්ල කෙටියෙන් පැහදිලි කලේය.
තරුෂි තාම ගමේ නේද?”
ඔව්,” තාරුක පැවසීය. “මෙහෙ රස්නෙට වඩා එයා එහෙ කාලගුණේට ගොඩක් ආසයි
ඇයි ඔයා ඒක ඉතින් නිසංසලාට කියන්නෙ නැත්තේ?”
මන් දන්නේ නෑ,” ඔහු පැවසීය. “එදා මන් ගෙදර එන්න හදිස්සියෙන්නේ හිටියේ
එතකොට ඔයා දැන් මොකද්ද කරන්න හදන්නේ?”
තව දවස් දෙක තුනකින් නිසංසලාට කතා කරල තරුෂි කැමති නැහැ කිව්වා කියලා කියනවා.
ඒත් චරිත් ලොකු බලාපොරොත්තුවකින් ඇත්තේ,” සාරතී සිනාසෙමින් පැවසුවාය.
අනේ ඇත්තට,” තාරුකද සිනහවට එක් වූවේය. “ඕන ඔට්ටුවක් චරිතුත් ඇත්තේ නිසංසලාගෙන් බේරෙන්න බැරුව
අන්න ඒකයි මන් කවදාවත් වැඩ කරන තැන කෙනෙක්ව අශ්රේ කරන්න කැමති නැත්තේ..
මන් නිසංසලාට කිව්වානන් හරි මට ජොබ් එකකුත් හොයලා දෙන්න කියලා එයා අර වැඩේට මෙච්චර මහන්සි වෙනවානන් ජොබ් එකක් ටක් ගාල හොයලා දෙයි.




පරිච්ඡේද අංක : 4


තාරුක තම නිවසේ ඉදිරිපසින් ටොක් ටොක් සද්දයක් ඇසී ඇහැරුණු අතර කොට්ටයෙන් හිස ඔසවා බැලූ ඔහුට දැක ගත හැකි වූයේ දහවලද පහු වී ඇති බවයි.. මුහුණ සෝදා ගෙන ගොස් දොර විවර කල ඔහුට දැක ගත හැකි වූයේ තම සාමන්‍ය වැඩ ඇඳුම වූ හිරැති කලිසම,හීල්ස් සෙරෙප්පු දෙක හා ලස්සන බ්ලවුසයකින් සැරසුනු සාරතීය.
ඔයා දැන්ද අනේ නැගිට්ටේ?” ඇය ඇසුවාය.. “හොඳ වෙලාවට මන් සුභ ආරංචියක් අරගෙන ආවේ.
ඔයා දවල් කෑම වෙලාවෙද?” සාරතීට අසුන් ගන්නයි කියමින් තාරුක ඇසුවේය.
ඔව් මන් මේ ආරංචිය හම්බෙච්ච ගමන් දුවගෙන ආවේ.
එච්චර වටිනා ආරංචියක්ද?” සිනාසෙමින් තාරුක ඇසුවේය.
මන් හිතන්නේ ඒකෙන් ඔයාගෙ ප්‍රශ්න විසදෙනවා,” ඇය පැවසුවාය. “ඒත් ඔයාට හොඳ ආත්මවිශ්වාසයක් තියෙන්න ඕනේ මේකට.
මන් උත්සහකරන්නම්,” තාරුක පැවසුවේය. “ඒත් මේ වෙලාවෙ හැටියට මන් ඕන දෙයක් කරනවා, ඒක මාස ගානකට විතරක් උනත් කමක් නෑ.
මන් හිතුවා ඒ ගැන, ඉතින් මන් කිව්වේ ඔයාට මන් මගෙ යාලුවෙක් වෙන ප්‍රසන්ගෙන් අහලනෙ තිබුනේ ඔයා ගැන එයා වොලීස් කියලා පබ් එකකට ඇඩ් එකක් කරන ගමන් ඉන්නේ, ඉතින් ඒ ඇඩ් එකේ ඇක්ට් කරන්න එයාට තව ගෑනු ලමයි දෙන්නෙක් ඕනෙ වෙලා ඉන්නේ. මුකුත් කියන්න නෑ, නිකම් පේන්න ඉන්න විතරයි තියෙන්නේ.“
හරි,” තාරුක පැවසුවේය. “ඉතින්?”
මන් එයාට කිව්වා මන් අඳුනන කෙනෙක් ඉන්නව තරුෂි කියල කියලා...
තාරුකට ඒත් තේරුණේ නැත. “තරුෂි ඉන්නේ ගමේනෙ ඔයාට ඕනේ මන් එයාගේ මැනේජර් වගේ වැඩ කරන්නද...?”
තම ඔලුවට අත තබාගත් සාරතී සිනාසුනාය.
නෑ මෝඩයෝ ඔයයි තරුෂි.
මොකක්?”
ඔයයි තරුෂි,” ඇය නැවත පැවසුවාය.
මන් හිතන්නේ මන් තාම අඩ නින්දේ, මට ඔයා කියපු දේ තේරුණේ නෑ.
සාරතී නැගිට්ටාය. “හරි මට පැහැදිලි කරන්න දෙන්නකෝ. ඉතින්, මන් මුලින්ම ප්‍රසන්ට ඔයා ගැන කිව්වම එයා මට කිව්වේ එයාට ඕනේ ගෑනු ලමයි දෙන්නෙක් විතරයි කියලා. ඉතින් එවලේ මට හිතුනේ අපරාදේ තාරුක ගෑනු ලමයෙක් නෙමෙයිනේ කියලා, ඉතින් මන් ඒ ගැන හිත හිත ෆේස්බුක් එකේ ඉද්දී අද උදේ මන් බැලුවේ ඔයාගෙයි තරුෂිගෙයි පින්තූර. ඔයාලා දෙන්නා ගොඩක් වෙලාවට එක පවුලේ කියලා කට්ටිය රැවටෙනවනේ. ඉතින්.. පොඩ්ඩක් මහන්සි උනොත් මට පුලුවන් ඔයාව තරුෂි වගේ කරන්න.
සාරතී මන් ස්තූති වෙනවා ඔයාට මට උදව් කරන්න මෙච්චර මහන්සි වෙන එක ගැන, ඒත් මේක චිත්‍රපටියක් නෙමෙයි . කව්රුවත් ඇත්ත ලෝකේ හිතන්නේ නෑ මන් ගෑනු ලමයෙක් කියලා.
ඔව් ඒක ලේසි වෙන්නේ නෑ,” ඇය පැවසුවාය. “ඒත් මට ඒක කරන්න පුලුවන් වෙයි. මට ඔයාගෙ පිරිමිකමට අභියෝගයක් එල්ල කරන්න නෙමෙයි ඕනේ, ඒත් ඔයාගේ ඇඟේ හැටියට මට ඒක ඔයා හිතනවට වඩා ලේසි වෙයි.. කතාකරන්න දෙබස් නෑනේ.. හිතන්නකෝ ඔයා චරිතයක් කරනවා කියලා? ඔයා තරුෂී, තරුණ, ලස්සන, අවුරුදු විසිගානක ගෑනු ලමයෙක් තමන්ගේ යාලුවො එක්ක ඇවිදින්න ඇවිත්?”
ඇති යන්තම් අන්තිමට මේක ෆිල්ම් එකක් වගේ උණා,” තම ඔලුව කසමින් තාරුක පැවසීය.
ඒයි, මේක ඔයාට ලොකු ගාණක් එකපාර හොයාගන්න ලැබෙන චාන්ස් එකක්, ඔයාට කරන්න තියෙන්නේ එතන හිටගෙන ඉන්න විතරයි? ඔයා දැන් කිව්වේ මේ වෙලාවේ ඕන දෙයක් කියලා?”
මන් දන්නවා මන් එහෙම කිව්වා කියලා,” තාරුක පැවසීය. “ඒත් මේක... මන් දන්නේ නෑ... මන් එතනදි වරද්ද ගත්තොත් මොකද වෙන්නේ? හදිස්සියේම කව්රුහරි අඳුනන කෙනෙක් හම්බුනොත්? අනික මන් දන්නේ නෑ කොහොමද ගෑනු ලමයෙක් හැසිරෙන්නේ කියලාවත්.
මන් ඔයාට උදව් කරන්නම්, මැට්ටෝ. ප්‍රසන් ශූට් එක කරන්නේ නෑ තව සතියකටවත් එතකන් මන් ඔයාට උදව් කරන්නම් සේරටම..
මන් ඒ ගැන ටිකක් හිතලා කියන්නද?”
අනිවාර්යෙන්ම,” ඇය පැවසුවාය. “මට ආයිම සැලොන් එක අරින්න යන්න ඕනේ මන් හවසට එන්නම්කෝ.
ඇය ඔහුගේ ඔලුවට තට්ටුවක් දමාගෙන ගිය අතර හුන් තැනම හිඳගෙන තාරුක කල්පනා කරන්නට විය. තර්කාණුකූලව, ඇය නිවැරදිය. එය පහසු රැකියාවකි. රඟපෑමක් පමනී.
තව යමක්ද ඔහුට දැනුණී. ඒ ... ආවේගයක්ද? ඔහු මේ රඟපාන්නේ වසර ගනණාවකිනි, වෙන කෙනෙකු මෙන් රඟපා අනෙක් අයව රැවටීමට හැකිවීම ගැනද ඔහුට යම් කිසි සතුටක් ඇත.. එහෙනම් ඇයි මේක නොකර ඉන්නේ?




පරිච්ඡේද අංක : 5


හරී, අපි මුලින්ම බේසික් වලින් පටන් ගමු. සාරතී පැවසුවාය..
තාරුක ජිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සාරතීගේ නිවසේ ආලින්දයේ සිටියේය. දවසක් පමන කල්පනා කිරීමෙන් පසු තමන් මෙය කරනවාමයි යැයි ඔහු තීරණය කලේය. සාරතීට දවස් හයක් තාරුකට ස්ත්‍රීත්වය ගැන ඉගැන්වීමට ඉතිරිව තිබුණි. සාරතී ඇයගේ අවදානය වැඩි වශයෙන් යොමු කර තිබුණේ අනෙක් අයගේ වැඩි අවධානයට ලක් නොවෙන ලෙස තරුෂීව නිර්මාණය කිරීමටයි. සාරතී තාරුකට තමා සමග එකට වාසය කොට කසාද බැඳ වෙනත් නගරයකට සංක්‍රමනය වී සිටින තම මිතුරියගේ දමා ගොස් තිබුනු ඇඳුම් ආයිත්තම් ගොන්නෙන් අඟල් තුනක් උසැති සෙරෙප්පු දෙකක් ගෙන එය දමාගෙන පුරුදු වන ලෙස උපදෙස් දුන්නාය..
මට ඕනේ ඔයා මේක හොඳට පුරුදු වෙන්න, මොකද ඔයා ගොඩක් වෙලා එහෙදි හිටගෙන ඉන්න නිසා. අපිට ඉරියව් ටිකත් හරියට හදා ගන්න වෙනවා මොකද ඒක අත්‍යාවශම දේ නිසා.
තාරුක වරක් දෙවරක් තම බැලන්ස් එක නැති කරගත්තද එය ඔහු හිතූ තරම්ම අපහසු වූයේ නැත. සාරතී ඔහුගේ අත් දෙක ගෙන ඉනේ තැබුවාය. පසුව තම හිස කෙලින් තබාගෙන නිකට ටිකක් උස්සන්න යැයි උපදෙස් දුන්නාය.
හරි,” ඇය තෙපලුවාය. “ඔහොමම ඉන්න... ගොඩාක් හොඳයි.
ඔයා කොහෙන්ද මේවා කරන්න පුරුදු උනේ?”
හිහි හී.. අව්රුදු විසිහතක ගෑනු කෙනෙක් වුන නිසානේ අනේ, ඒත් මන් කැම්පස් එකේදී මොඩ්ල් කරන්න යන්න කැමැත්තෙන් හිටපු ගෑනු ලමයින්ට ඉරියව් හදාගන්න උදව් කරලා තියෙනවා. සාරතී සිනාසෙමින් පැවසුවාය..
ඔවුන් දෙදෙනා ඉරියව් ගැන අවදානය යොමු කරමින් තව පැය කිහිපයක් ගත කලහ.
සාරතී හොඳ ගුරුතුමියක් වූ අතර තාරුක එතරම් වැඩ කොටසක් කිරීමට සිදිවේවි යන්න සිතා සිටියේ නැත. ඔහුට හීල්ස් දෙකෙන් එහා මෙහා යෑම පුරුදු වන තෙක්ම ප්‍රැක්ටිස් කිරීමට සිදුවිය. මුලදී ඔහුට දැනුනේ බල්ලෙකු රෝද සපත්තු පැළැඳගෙන පූසෙකු පසුපස දුවන්නට තැත් කරන්නාක් මෙනි, නමුත් ටිකෙන් ටිකෙන් ඔහුටම තමාට ඇවිදීමට හැකිබව වැටහුණි.
සාරති දැඩි පරික්ෂාවකින් යුතුව ඔහුගේ දෑත් තිබිය යුතු ආකාරය, ස්ථානය, ඔහුගේ පිටුපස කොටසේ චලනය වීම පරික්ෂා කලාය.. යාන්තමින් තමන් සාර්ථක වූවා යයි තාරුක සිතනා විටම සාරතී ඔහුගේ කරේ හෑන්ඩ් බෑගයක් දැමුවාය.. තවද ඇයට ඔහු එයද ඉතා හොඳින් කරනා බව හැඟුනු විට ඔහුගේ ටී ෂර්ටයට යටින් තනපටක් අන්දවා එහි හිස් කප්ස් වලට වතුර පිරවූ බැලූන් දැමුවාය.. නැවතත් පෙරසේම ඇවිදින්නට යයිද පැවසුවාය. මෙවර එය යම් තරමක අභියෝගයක් වුනු අතර තාරුකට එය සාර්ථක කරගැනීමට මද වේලාවක් ගතවිය.
එම රාත්‍රියේ තම නිවසේ සෝෆාවේ හිඳගෙන තම කටහඬ වෙනස් කලහැකිදැයි ඔහු බැලුවේය. ඔහුට සැබැන්ම තිබුණේ රළු කටහඬක් නොවන අතර එය කාන්තා කටහඬක්ද නොවුනේය. වරක් තමන් කැම්පස් එකෙහීදී නාට්‍යකට සහභාගී වන විට එහි ගුරුතුමිය ඔහුට පැවසූ දෙයක් ඔහුට මතක් විය. එනම් චරිතයට කිඳා බැස චරිතය තමන් යයි සිතා කිරීමත්, සැබෑ ලෝකයේ ඒ චරිතයට අදාල හෝ සමාන චරිත දෙස බලා ඉගෙනගැනීමත්ය. මේ නිසා තාරුක යූටියුබයේ ඇති තරුණ කාන්තාවන්ගේ සාකච්ඡා දෙස අවධානයෙන් බැලීය..
ඉන්පසු දින කිහිපය තාරුක කිසියම් එක් මාර්ගයකට වැඩ කිරීමට පුරුදු විය. උදේම නැගිටියි. පිරිසිදු වීම, උදෑසන ආහාරය, තමන්ට උපකාරී වන රූපණ කිහිපයක් නැරඹීම සහ කටහඬ හා හැසිරීම පුරුදු වීම ඒ අතර විය. තම නිවස ඇතුලතදී හීල්ස් වලින් ගමන් කිරීමටද ඔහු පුරුදු විය. සාරතී හවස පැමිණි විටදීද ඔවුන් දෙදෙනාම එක්ව පුරුදු පුහුණු වූහ.. ඒ අතර හදිසියේම තමා එහි සිටිනා අතරතුර එක් ගැහැණු ලමයෙකු තමන් සමග කතා කරහොත් හැසිරෙන ආකාරයද අඩංගු විය..
සිකුරාදා ලන් වනවිට ඔවුන් දෙදෙනා සැලසුම් කරේ තාරුක අන් අයට වඩා මදක් කලින් සාරතී හමුවීමට ගොස් සම්පූර්ණ මේක්-අප් එකක් දමාගෙන අන් අය පැමිණෙන තෙක් රැදී සිටීමටයි.
මන් දන්නවා ඔයා අවුලෙන් ඉන්නේ කියලා,“ සාරතී පැවසුවාය. “ඒත් මන් හිතන්නේ ඒ ඔයාගෙ හිත. ඔයාට අවුලක් වෙන්නේ නෑ.
මාත් ඒකම තමා හිත හිත හිටියේ,” තාරුක පැවසීය. “මන් හිතන්නේ මන් කලබලෙන් ඉන්නෙ ඔයා මාව මේක්-අප් කරාම පෙනුම කොහොම වෙයිද කියලා.
හිහි හී.. ඒ ගැන නන් පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා මන් මට හම්බෙද්දී සාමන්‍යය මිනිස්සු ඕන තරම් ලස්සන කරලා තියෙනවා!




පරිච්ඡේද අංක : 6


රූපගතකිරීම් යෙදී තිබුණේ දහවල් කාලයෙදීය, නමුත් වොලීස් පබ් එක දර්ශනයට අවශ්‍ය වන ලෙස ජනේල සියල්ලද කලු කර තිබුනේ රාත්‍රී දර්ශනයක් රූගතකරගැනීමට අවශ්‍යා නිසාය. තාරුකට තමා යායුතු ස්ථානය සොයාගැනීමට අපහසු නොවුනේ ඒ වනවිටත් යම් තරමක සෙනගක් එහි එලියෙන් රැඳී සිටි නිසාය.
කුඩා සුදු පැහැති ට්‍රේලරයක් පැත්තක තිබූ අතර එහි දොරෙහි කොණ්ඩා සහ මේක්-අප් යනුවෙන් බෝඩයක් එල්ලා තිබුනි.
තාරුක තට්ටු කල අතර සාරතී වහාම ඔහුව ඇතුලට ගත්තාය. අඩි හයක් පමන උසැති කන්ණාඩියක් සහ ඊට ඉදිරිපසින් තබා ඇති පුටු දෙකකින් සමන්විත වූ ට්‍රේලරයෙහි බිම ඇඳුම් පිරවූ බෑග්,පාවහන්,මේක් අප් ඇතුළු විවිධ දේ වලින් වැසී තිබින..
අපිට ඉක්මණටම ලෑස්ති වෙන්න වෙනවා සාරතී අවුලෙන් මෙන් පැවසුවාය. “ප්‍රධාන නිළිය ඊයේ රෑ කොණ්ඩේ ඩයි කරගන්න ගිහින් නාගෙන.
තාරුක ඉක්මණින් ඔලුව වනා ඇඳුම් ගලවන්නට වූ අතර සාරතී ඔහුට ඇඳීමටයයි ගාෆයක් දුන්නාය.
ඔහු තම ටී-ෂර්ටය ගලවන විටම සාරතී පිටුපස හැරීම ගැන තාරුක සතුටු විය.
ඔහු ඔහුගේ මුශ්කය කකුල් දෙක මැදට තල්ලු කර ගාෆය ඇඳගත් අතර වෙනදා මෙන් ඉදිරිපසින් ඉදිරියට නෙරා නොමැතිව පැතලි කාන්තා පෙනුමක් තිබීම අමුතුම හැඟීමක් ගෙනදුන් කරුණක් විය.. මේ අතර සාරතී, ගාෆයෙ පිටුපස ලාච්චු දෙකක් මෙන් සාදා ඇති හිඩැස් දෙකට හිප්ස් පෑඩ් එක් කල අතර පසුව, ඔහු පිටිපසින් සිටගෙන කෝර්සෙට් එකක් ඔහුගේ බඳ වටා දමා තද කරේ අවශ්‍ය ගැහැණු හැඩය ඔහුට ලබාදීමටයි..
ඇති යන්තම් මන් හිතපු තරම් තද නෑ මේක,” තාරුක පැවසූවේ අපහසුවෙන් මෙනි.
ලස්සන වෙන්න කැපකරන්න වෙන දෙයක් යාලුවා ඒක. සාරතී එසේ පැවසූවේ තාරුකගේ අතට කළු පුෂ්-අප් තනපටයක් ලබාදෙමිනි. “ඔහොමම ඉන්න තත්පරයක්.
ඇය ට්‍රේලරයේ එක් පසෙකට ගොස් ලාච්චුවකින් සුදු පැහැති පැකැට්ටුවක් ගෙනාවාය. තාරුක විශ්මයෙන් බලාසිටියදී තමන්ගේ හමේ පැහයට සමාන පැහැයකින් යුත් සිලිකන් ඉන්සර්ට් දෙක ගෙන ඔහුගේ බ්‍රා එකට ඇතුළු කර බ්‍රෙසියරේ පටි දෙක ඔහුට බ්‍රා එක ඇඟට සුවදායී වනතෙක් සෑදුවාය. හොඳ වෙලාවට ඔයා ඊයේ මුලු ඇඟම ශේව් කලේ යැයි පැවසුවාය..
මන් හිතන්නේ ඒක ප්‍රසංසාවක්?” තාරුක ඇසුවේ සාරතී ඔහුගේ කොණ්ඩය විග් කැප් එක ඇතුලට දමන අතරතුරය..
හරි අර කබාය දාගෙන ටක් ගාල එන්න අපි වැඩේ ඊලඟ අධියරට යන්න හදන්නේ.
පුටුව පිටුපස එල්ලා තිබූ සුදු ඩ්‍රෙසින් කබාය ගෙන පැළඳගත් තාරුක කන්ණාඩිය ඉදිරිපස ඇති පුටුවේ වාඩිවිය.
ස්තූතියි මූන හොඳට ශේව් කලාට,” සාරතී පැවසුවේ ෆවුන්ඩේශන් එක තාරුකගේ මුහුනේ දමමිනි. “ඔයාට අමුතුයි වගේ දැනෙයි ඔයා මීට කලින් මේක් අප් හරියට පාවිච්චි කරලා නැති නිසා. ඒක ගැන ගණන් ගන්න එපා හරිද?”
ඉන්පසු සාරතී තාරුකගේ ඇහිබැම කාන්තාවන්ගේ මෙන් සිහින් කල අතර විටෙන් විට නැවතී තම ක්‍රියාව හරිදැයි සුපරීක්ෂාකරීව බැලුවාය. අවසානයේ තම ප්‍රයථ්නය ගැන සතුටු වූ ඕ ඇහි බැම මත මස්කාරා ස්වල්පයක්ද අයිලයිනර්ද ගැල්වූයේ හවස් කාලයකට උචිත වර්ණ භාවිත කරමින්ය.
මේවා ඉක්මණටම ආයිම වැවෙයි නේද?” තාරුක බියෙන් මෙන් විමසීය..
ෂ්හ්,” සාරතී පැවසුවාය.
ඊලඟට, කුඩා බ්‍රෂ් එකකින් තාරුකගේ කම්මුල් දෙකට බ්ලෂ් ආලේප කල අතර තම කාලය මනාව ගනිමින් ඔහුගේ තොල් මත ලිප් ග්ලොස් ආලේප කලාය.
හරි,” සාරතී පස්සට යමින් පැවසුවාය. “ඔයාගේ නියපොතු අපි දැන් ලස්සන කරමු.
තම මේක්-අප් බොක්ස් එක අසලට ගිය ඈ එයින් තද දම් පැහැති නිය ආලේපනයක් ගෙන නැවත ඉක්මන් ගමණින් තාරුක අසලට පැමිණියාය. තාරුකගේ කකුලේ ඇඟිලි අතර කොට්න් බෝල තැබූ සාරති නිය පාටගන්වන්නට විය.
කව්රුවත් මගෙ කකුල් දකින්නේ නෑනේ,” තාරුක නොරිස්සුමෙන් මෙන් පැවසුවේය.
මන් දන්නවා ලමයෝ,” සාරතී පැවසුවාය. “ඒත් හැමදේම සම්පූර්ණ උනාම ඔයාට හොඳ මානසිකත්වයක් එයි.
කෙසේවෙතත් මඳ වේලාවක් ගතවෙද්දී තාරුකගේ අත් වල සහ පාද වල නිය තද දම් පැහැයෙන් පාට වී තිබිණි.. තාරුක තම දෑත් දෙස දැහනකට සම වැදුනා සේ බලා සිටි අතර තද දම් පැහැ නිය නිසාත් තාමගේ ස්වාභාවයෙන්ම කුඩා පැහැපත් දෑත් නිසාත් ඒවා කාන්තාවකගේ දෑත් මෙන් පෙනුනි.
ලස්සනයි නේ?” සාරතී සිනාසෙමින් ඇසුවාය.
ඔව්... තාරුක පැවසුවේය. “මන් හිතන්නේ අපිට මේ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් වෙයි වගේ.
මන් ඒකනේ මුල ඉඳන්ම කිව්වේ මැට්ටට, කෝ ඇස් දෙක වහ ගන්නකෝ මන් විග් එක දානකන්
දෙඇස් පියාගත් තාරුකට තමන්ගේ හිස මතින් යමක් තැන්පත් කරනවා මෙන් දැනුනු අතර පසුව දිග කෙස් ගස් තම මුහුනේ වදිනු දැනුනි. සාරතී හෙයා ස්ප්‍රේ යොදාගනිමින් කොණ්ඩය සකස් කර අතර පසුව එය ගානකට වන තුරු පීරුවාය.. තමාගේ ප්‍රයත්නය ගැන සෑහීමකට පත් වූ පසු තාරුකව ඉතිරි ඇදුම් ඇදීම සඳහා ඕ පිටත් කලාය.
තමා දැනටමත් මේක්-අප් පැලඳ සිටීම ගැන සිතින් සතුටු වෙමින් කලු බෝයි ෂෝට් පෑන්ටියක් තාරුක ඇඳ ගත්තේ සාරතී බලා සිටිනා නිසා ඇතිවූ ලැජ්ජාවෙනි. ඉන් පසු හිරැති ඇදෙනසුළු කලිසමක් ඇන්ද අතර එයින් ඔහුගේ පිටුපස හොඳින් ඉස්සී දිස් විය.
ම්ම්ම් ඔයාට දැන්  හොඳ පෙනුමැති පස්සක් තියෙනවා යාළුවා.
ඉන්පසුව ඇය ඔහුට කළු, අත් කොට රවුම් කර සහිත බ්ලවුසයක් ඇඳීමට දුන් අතර එය ශරීරයට වඩා මඳක් ලිහිල් වූ අතර කලිසමේ තදැති බව සමග මනාව එය ගැලපුනි. ඉන්පසු ගොතන ලද ස්කාර්ෆයක් ඔහුගේ ගෙල වටා පැලඳුවාය.
සාරතී පාවහන් ගොන්නෙන් තාරුකට පදම් කල හමෙන් හා ලෙදර් වලින් සෑදූ අඟල් තුනහමාරක් උසැති බූට්ස් යුගලයක් සොයාගත්තාය. තාරුක එය පැලඳූ පසු කලිසම නැවතත් කෙලින් කරන්නට සාරතීට සිදුවිය.
දැන් අනිත් දේවල් ටික,” ඇය පැවසුවාය. “හැම ගෑනු ලමයෙක්ගෙම ආසම දේ.
අසල තිබූ කුඩා පෙට්ටියකින් රන් පැහැති අත් ඔරලෝසුවක් වම් අතටද, රෝස පැහැති බ්‍රේස්ලට් එකක් දකුණු අතටද දමා කන් දෙකට කලු පැහැති දිගැති කරාබු යුවලයක් දැමුවාය.
හරී, ඉන්න.. අන්තිමටම ෆර්ෆියුම් බෝතලයක් ගෙන තාරුකගේ කණ් දෙක අසලටද, ඇඟටද, අත් දෙකටද ස්ප්‍රේ කර, සාරතී තමන්ගේ නිමැවුම පිළිබඳව අගයන්නට මෙන් මඳක් බලා සිට, “වරදක් නෑ..ඔයත් බලන්නකෝ තරුෂී.යැයි පැවසුවාය.
තාරුක කණ්ණාඩිය දෙස හැරුන අතර සාරතී සහ ඔහු හා කණ්ණාඩිය අතර සාපේක්ෂිත දුරක් තිබුනි.. තාරුකගේ පලවෙනිම සිතුවිල්ල වූයේ  “කවුද අර සාරතී එක්ක ඉන්න ලස්සන ගෑණු ලමයා?” යන්නයි. කණ්ණාඩිය අසලට ගිය ඔහුට දැනුනේ ඇවිදිනවිට බූට්ස් නිසා ගමනෙහි යම් ලාලිත්වයක් ඇති බවයි. තද කලිසම නිසා ගමනට නිශ්චිත හැඩයක් එක් වී තිබුන අතර තබන සෑම අඩියකටම තම පියයුරු ඉදිරියට පසුපසට සෙලවුනේ ඒවා ඔහුගේම මෙන්ය.
කණ්ණාඩිය අසලට ගිය ඔහු, එහි ඇති රුව දෙස ඇස් පිල්ලම් නොගසා බලා සිටියේ පුදුමයෙනි. රූපයේ සිටියේ අතිශය රූමත් තරුණියකි. මදක් කාමුක එනමුත් වැදගත් පෙනුමක් ඇති ඕ තාරුකගේ පමනක් නොව සෑම රතු ලේ සහිත පිරිමියෙකුගේම ආකර්ශනය දිනා ගන්නට සමත්වන්නියකි. එහෙත් දැන් මෙම සරාගී තරුණිය තමන්ය.
ම -- මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා,” තාරුක හෙමීට ඇසුවේය. “මේ ඇත්තටම මමමද?”
මන් ඔයාට කිව්වානේ මේක හරි යනවා කියලා..,” සාරතී පැවසුවාය. “ඔයාටයි තරුෂිටයි නිවුන්නු වෙන්න පුලුවන්.
තාරුක නැවතත් පසුපසට ගොස් තමන් දෙස බැලුවේය. ඔහු කවදත් හැඩිදැඩි ශරීරයකට උරුමකම් කී තරුණයෙකු නොවූ අතර එනමුත් අද මෙන් තරුණියකට අවශ්‍ය ෆිගර් එකක් තිබුනේද නැත. නිවැරදිව තෝරාගත් ඇඳුම් නිසා තමාට ලැබුණු ශරීරය නිසා ඔහුට යම් බියක්ද දැනිණි.
හරි, කෙල්ලේ,” සාරතී පැවසූවේ කලු හෑන්ඩ් බෑගයක් ඔහු අතට දෙමිනි.
වෙලාව හරියාගෙන එන්නේ. ඉක්මණටම පටන් ගනී. මන් ඔයාව තරුෂී දිලන්කා කියන නමට රෙජිස්ටර් කරේ. ඔයා පාස්. ලොකු හුස්මක් අරන් යන්න එලියට කිසිම අවුලක් වෙන්නේ නෑ ඔයාට.
අත් බෑගය අතින් තද කරගෙන තමන් දෙස බලා සිටින තාරුකව ට්‍රේලරයේ දොර දෙසට තල්ලු කල ඈ,
හොඳට කරන්න! ආහ් කාගෙවත් හදවත් බිඳින්න එපා හොඳේ! යැයිද පැවසුවාය.




පරිච්ඡේද අංක : 7

තාරුක සෙමින් සෙමින් ඉදිරියට ගිය අතර විටෙන් විට නැවතී වට පිට බැලුවේ කවරෙකු හෝ “අන්න බලන්න කොල්ලෙක් කෙල්ලෙක් වගේ ඇඳගෙන යනවා යැයි කෑ ගසයිද කියා සැකයෙන්ය. එහෙත් කිසිවෙකු ඔහු ගැන වරකට වඩා නොබැලූ විට ඔහුට යම් කිසි සහනයක් දැනුණි.
මට මේක කරන්න පුලුවන්, මන් තරුෂී. තමාටම මිමිනිය.
වොලීස් පබ් එක ඇතුලට ගිය ඔහුට තම හීල්ස් දෙකෙන් නැගුනු “ක්ලික් ක්ලික්“ හඬ මනසේ රව් පිළිරැව් දෙන්නට වීය.
දොර අසලම තරුණියකි. ක්ලිප්බෝර්ඩයක් අතින් ගෙන කණ්ණාඩි දෙකක්ද දමාගෙන සිටි ඈ කලබලයෙන් මෙන් වටපිට බැලුවේ යමෙක් සොයන්නාක් මෙනි.තාරුක ඇය අසලට ගිය අතර ඔහුට ඈ උණුසුම් සිනහවකින් සංග්‍රහකරමින්,
එතකොට ඔයා?” යැයි, ඇසුවේ ක්ලිප්බෝර්ඩය දෙස දෙඇස් යොමු කරමින්ය.
තාරුක කෙල ගිල්ලේය, තමන්ගේ උගුර කට වියලී ඇත්තාක් මෙන් ඔහුට දැනුණි. “මන් තරුෂි. තරුෂි දිලන්කා.
තරුණිය ක්ලිප්බෝඩයේ මුල සිට පෑන රැගෙන ගියේ නම පරික්ෂා කරමිනි.
හම්බුණා,” ඇය පැවසුවාය. “හරි, ඔයා ඇතුලට ගිය ගමන් ඔයාගේ කෙලින්ම වම් පැත්තේ තියන මේසේට යන්න. කව්රුහරි කෙනෙක් කිව්වොත් මිසක් එතනින් වෙන කොහාටවත් යන්න එපා. අපි දැන් පටන් ගන්න යන්නේ.
තාරුක හිස සැලුවේය, ඇයව පසු කරගෙන ඔහු යන අතරේ ඇය, “ස්තූතියි ගැලපෙන විදිහට ඇඳගෙන ආවට. මටම මතක නෑ මන් ආපහු කී දෙනෙක් හරවලා යැවුවද කියලා නොගැලපෙන විදිහට ඇඳගෙන ඇවිත්.
තරුණියට සිනහවකින් සංග්‍රහ කල ඔහු පබ් එක ඇතුලට ගියේය. අලංකාර ලයිට් සමූහයකින් එය ආලෝකමත් වී තිබිණ. දකුණු පස කෙලවරේ එල් හැඩයට සමානව සැකසූ බාර් එකකි. එහි ඉදිරිපස පුටු සියල්ලක්ම වාගේ අනුග්‍රාහකයන් යැයි සිතිය හැකි පිරිසකගෙන් පිරී තිබිණ. බාර් එක ආසන්නයේ වූ මේස සියල්ලක්ම වාගේ පවුල්හා පෙම් යුවල වලින් පිරී තිබුණි.. තම වම්පස දෙස බැලූ ඔහුට තමාට නවතින්නයි පැවසූ මේසය දැක්කේය.
තරුණිය පසු කල විට ඔහුගේ හදගැස්මේ වේගය අඩු උනි නම් එය නැවත වැඩි වූයේ පබ් එක තුල සිටි අය ඔහු දෙස බලනවා යැයි ඔහුට හැඟුන නිසාය. ඔහුද එය කලින් කර ඇති බව ඔහුට මතක් විය.හිස සෙලවූ තාරුක ඉක්මන් ගමනින් මේසය අසලට ගියේය.
ඒ වන විටත් එහි තමාට වඩා උසැති තරුණියක් හා තමාට වඩා කුඩා හුරුබුහුටි තරුණියක් සෙමින් කතාකරමින් රැඳී සිටියෝය. ඔහු පැමිණෙනු දුටු ඔවුන් දෙදෙනා ඔහු දෙස බලා සිනාසුනෝය. උසැති තරුණිය නිරාෂා ලෙස තමා හඳුන්වා දුන් අතර අනෙක් තරුණිය චතුරි නම් විය. ඔවුන් දෙදෙනාද තාරුක මෙන්ම හොඳට ඇඳ පැළඳ ගෙන සිටියහ. තමාට වඩා ඔවුන් දෙදෙනා ලස්සනෙන් වැඩි යැයි සිතුනු ඔහුට තමා ගෑනු ලමයෙක් මෙන්ම සිතන්නටද පටන් ගෙන ඇති බව සිහිවී සිනහ ගියේය.
ලස්සනයි ටොප් එකයි, ස්කාෆ් එකයි, “නිරාෂා කතාව පටන් ගත්තාය. ඔයා ෂොපින් ගියාද එයාල ඇඳුම් දෙන්නේ නෑ කිව්වාම?”
ආහ්, ඔව්,” තාරුක පැවසීය. “නැත්තන් අල්මාරියෙන් භාගයක්ම බිම මේකට එන්න ඇඳුමක් හොයනකොට.
හිහි හී.. මමත් එහෙමයි මට ඊයේ තමයි දැනුම් දුන්නේ හෙට එන්න කියලා, මට ඇඳුමක් වෙලාවට ගන්න බැරිවෙයි කියලා මන් බයේ හිටියේ. චතුරි සිනාසෙමින් කථාවට එකතු වූවාය..
ඔයා මොනවද තරුෂී කරන්නේ?” නිරාෂා ඇසුවාය..
ඔහුගේ වාසනාවට සාරතී සමග එකතු වී ඔහු කතාවක් ගොතා තිබුණි. “මන් දැනට මුකුත් ජොබ් එකක් නන් කරන්නේ නෑ,” තාරුක පැවසුවේය. “කොහොමහරි ව්‍යාපාර කලමණාකරනයට යන්න තමා බලාපොරොත්තුව. ඔයාල දෙන්නා මොකද කරන්නේ?”
මන් තාම ඉගෙනගන්නවා,” චතුරි පැවසුවාය. “හිටපු ගමන් මේ වගේ දේවල් කරනවා.
මන් දැනට වේටර් කෙනෙක්,” නිරාෂා පැවසීය. “කොහොමහරි රඟපෑමෙන් ඉස්සරහට යන්නයි ඕනා.
තාරුකට මේ තරුණියන් දෙදෙනාගේ ආචාරශීලීභාවය නිසාත්, මිතුරු ගතිය නිසාත් තම හිතෙහි ඇතිවී තිබුණු බය කෙමෙන් කෙමෙන් පහව යන ආකාරය දැනුණි. එය ඔහුගේ විශ්වාසය ඉහල නංවන්නට සමත් වුනේ ගැහැණූ හඬකින් කතාකිරීම නිසා තමාගේ උගුරෙන් දැනුණු ලේ රසද ගනන් නොගමිනි, මඳ වේලාවක් ගත වනවිට උසැති මුහුණ පුරා රැවුලක් වවා ගත් මිනිසෙකු පබ් එක තුලට ආ අතර ඔහු,
හරි කට්ටියම! ස්තූතියි ඉවසීමෙන් හිටියට.. මාව දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් මගේ නම ප්‍රසන් මන් මේ ඇඩ් එකේ ඩිරෙක්ටර් අපි දැන් පටන්ගන්න යන්නේ වැඩේ. ඒත් ඊට කලින් කට්ටියම මන් කිව්වට පස්සේ මේක කියන්න ඕනේ හරිද? කියන්න මන් අතිරේක කෙනෙක්!
පබ් එකේ සිටි අය “මන් අතිරේක කෙනෙක්! යැයි කෑගැසූහ.
නියමයි,” ප්‍රසන් පිළිතුරු දුන්නේ මඳ සිනහවක් පැමිණි සිටි අය තුලින් ඇසෙද්දීය.
ඒ කියපු එක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. ඔයාල මෙහාට ආවේ මේ වැඩේට උදව් කරන්න. මන් බලාපොරොත්තු වෙනවා ඔයාලා සේරම මට ඒ වැඩේ ඉවරකරගන්න ඔයාලගේ සහයෝගේ දෙයි කියලා. කව්රුහරි කෙනෙක් අනවශ්‍ය විදිහට අනෙක් අයට කරදරයක් වෙන විදිහට හැසිරුනොත් එයාව එවලෙම එලියට යවනවා. අපි මුලින්ම මෙතන ශොට් කීපයක් අරගෙන ඊටපස්සෙ පොඩි විවේකෙකින් පස්සේ අන්තිම ටික ගන්නවා. එහෙම හොඳයිනේ?”
හරී! නාදයකින් ශාලව පිරී ගියහ.
තාරුකලාගේ නැවතුනු කතාව යලි පටන් ගත්තේ නිෂ්පාදක මණ්ඩලය ආම්පන්න සූදානම් කරන අතරතුරය. ඒ අතර වේටර් වරයෙකු මෙන් සැරසුන තරුණයෙකු පැමින ඔව්න් සිටින මේසය මත බීම වීදුරු තුනක් තබා ගියේ. “අද ලස්සනයි තුන්දෙනාම,” යැයි පවසමිනි. වටපිට බැලූ ඔහුට සියල්ලන්ම තම තමන්ගේ ස්ථාන වලට යන අයුරු දැකගත හැකිවූ අතර කිසිවෙකු ඔහු දෙස අමුතුවෙන් මෙන් බැලුවේ නැත ඔවුන්ට තමා තවත් එක් ගැහැනු ලමයෙකු පමනක් බව ඔහු වටහා ගත්තේය.
එයා නන් කඩවසම් නේ,” චතුරී මිමිණුවාය.
තාරුකද ඒ දෙස බැලූ අතර ඔව්න්ගේ මේසයට මදක් එහායින් වූ මේසයක සිටි තරුණයන් දෙදෙනෙකු වෙත ඔවුන්ගේ දෑස යොමු වී තිබුණි..
ගොඩක් කඩවසම් කට්ටිය ඉන්නවා මෙහේ,” නිරාෂාද පැවසුවාය.
තාරුක ඒ සියල්ලම සාවධානව අසා සිටියා මිස කිසිවක් කියන්නට ගියේ නැත.
අවසානයේ, රූගත කිරීම් පටන් ගත් අතර පසුබිමෙන් සංගීතයක්ද ඇසෙන්නට විය.. ප්‍රධාන නළුවන් දෙදෙනා සහ නිළිය රඟපාන අතරතුර සහයකයෙකු පැමින සංගීතය මඳක් අඩු කරේය. තාරුකට දැනුනේ තමන්ගේ ඇඟ සීතල වන්නාක් මෙනි. තමා ඇත්තටම රඟපායි.
ඊලඟ තත්පර කිහිපය ඉක්මනින් ගෙවී ගියහ. තාරුකලාට තිබුනේ ඔවුන් තිදෙනා පරණ යහලුවන් මෙන් සතුටු සාමිච්චියේ යෙදෙන දර්ශනයක් නිසා ප්‍රධාන නළුවන් දෙදෙනා සහ නිළිය රඟපාන දෙස බැලීමට හැකියාවක් ඔවුන්ට ලැබුනේ නැත, නමුත් ප්‍රසන්ට පබ් එක තුල සිටි සැමගේම ශොට් එකක් අවශ්‍ය වී තිබූ බැවින් හදිස්සියේම චතුරී, තාරුකට සහ නිරාෂාට විහිලුවක් කරේය. හදිසියේම සිදුවූ නිසා ඔව්න් දෙදෙනාට සිනහව නවත්වා ගැනීමට නොහැකි වූ අතර එයද කැමරාවේ සටහන් කරගැනීමට ප්‍රසන් සමත් විය.
ඉන්පසු විනාඩි පහලවක විවේකයක් සියල්ලටම ලබා දුනි.
ඇති යන්තම්,” නිරාෂා පැවසුවාය. “මන් යනවා ටිකක් එලියට ඔයාලා එනවද?”
චතුරී හිස සැලූ අතර, තාරුක ඇය සමග එලියට ගියේය. පැති දොරකින් එලියට ආ තාරුකට දැකගන්නට ලැබුනේ හවස් කාලයද අවසන් වී ගෙන යන බවයි. නිරාෂා ඉක්මන් ගමනින් පාරද පැන ඇවිද යන්නට වූ අතර ඇතැම් විට තාරුකට නිරාෂාගෙ වේගයට සමාන වීමට දුවන්නටද සිදු විය. අසල ඇති බංකුවක් ලඟට ආ ඔවුන් දෙදෙනා එතන ඉදගත්හ. වටපිට බැලූ ඔහුට ඔවුන්ට මඳක් එහායින් රැඳී සිටිනා තරුණයන් පිරිසක් දිස් වූ අතර සමහරෙක් දුරකතනයට එබෙමින්ද, සමහරෙක් කතාකරමින්ද, තවත් සමහරෙක් තමන් හා නිරාෂා සිටිනා දෙස හොරෙන් බලනුද දුටුවේය. ඔවුන් කල්පනා කරන්නේ තමන් ගැන දැයි සිතූ ඔහුට ඇඟ සීතල වනවා මෙන් දැනුණි.
ඒ අතරම මුළු දවස පුරාම ඔහුට දැනුණ හැඟීමක් විය.. ඔහුට තමා ලස්සනයැයි හැඟුණි..
ඔහුගේ මනස තුල මුළු දවසම එම සිතුවිල්ල තිබුණි. මොනවද මේ මන් හිතන්නේ? මන් මෙහෙම හිතන්න හොඳ නෑ තමාටම හිතෙන් බැන ගත්තද සිතුවිල්ල ප්‍රභලය.
නිරාෂා සහ චතුරී ඔහුව සාමාන්‍ය කෙල්ලකු මෙන් පිළිගැනීමද එයට උපකාරී විය.
චතුරීයි මායි මේක ඉවර උනාම මොනවාහරි කන්න යන්න හැදුවේ,” නිරාෂා නිහඬතාවය බින්දාය. “ඔයත් එනවද? මෙතන මේ වැඩේ ඉවර උණාම එපා වෙන තැනක් වෙයි කට්ටිය වැඩි නිසා.
අහ්, මන් පොඩ්ඩක් මගේ යාලුවගෙන් අහලා කියන්නද?.” තාරුක ඇසුවේය.
අයියෝ ඒකට කමක් නෑ,” නිරාෂා පැවසූවේ පබ් එක දෙසට නැවත යමින්ය.
තාරුක ඇය පසුපසින් එදෙසට ගියේය, මෙසේ තනිවම තවත් ස්ථානයකට ගමන් කිරීමට ඔහුට බියක් තිබුනි. විවේකය අතරතුර පබ් එක තුල ඇති ලයිට් සියල්ල නැවතත් වෙනස් කොට ඇත්තේ බාර් එක දෙසට අවධානය වැඩි වන සේය. එම නිසා පෙරලෙසම තාරුකලාගේ මේසයට වැඩි දර්ශන කාලයක් හිමිවන්නේ නැත. ශොට් කිහිපයකින් පසු ප්‍රසන්ගේ ස්තූතියත් සමග වැඩ අවසන් විය. අවට සිටි පිරිස විසිර යද්දී තාරුක දුටුවේ සිනහවකින් තම මුහුණ පුරවාගත් සාරතී තමා දෙසට පැමිණෙන ආකාරයයි.
හලෝ තරුෂී, ඔයා හොඳට කලා. සාරතී පැවසුවාය.
ඔයා දැක්කද?” තාරුක පුදුමයෙන් මෙන් ඇසුවේය.
ඔව්, ඔව් ඒත් මට ඕන උනේ නෑ ඔයාට කරදර කරන්න ඒ නිසා මන් පැත්තකට වෙලා හිටියේ ඉවරවෙනකන්.
ස්තූතී,” තාරුක සිනහව සඟවා ගනිමින් පැවසුවේය.
ඉතින්, ඔයා ලෑස්තිද ආයිම තාරුක වෙන්න?”
අහ්.. ඇත්තටම, මේකයි... මගේ මේසේ හිටපු යාලුවෝ දෙන්නා මගෙන් ඇහුවා එයාල එක්ක කන්න යන්න එනවද කියලා? මන් යන්නද?”
ඇත්තට?” විශාල සිනහවක් මුහුනට නගා ගනිමින් සාරතී විමසුවාය. “ඔයාලා කන්නමද යන්නේ නැත්තන් .....?”
අනේ ඉන්න,” තාරුක අමනාපයෙන් මෙන් පැවසුවේය. “එයාලා මගෙන් ඇහුවම හරි නෑනේ බෑ කියන එක.
මන් විහිලුවට කිව්වේ අනේ, ඔයා යන්න එයාල එක්ක හැබැයි පරිස්සමෙන් හරිද?.”
ඔයත් එන්නකෝ?”
ම ම එනවා, ඒත් මෙතන වැඩ ගොඩ ගැහිලා, මන් පාන්දර හයේ ඉඳන් මෙතන ඉන්නේ මේ වැඩ ටික ඉක්මණටම ඉවර කරලා දාලා මන් ගෙදර යනවා අද සාරති තෙපලුවාය.
සාරතීට බායි කියූ තාරුකට එතනින් පිටව යමින් සිටි නිරාෂා සහ චතුරීව සොයාගැනීම අපහසු වූයේ නැත. කුලී රථයක් අල්ලාගත් ඔවුන් තිදෙනා නගරයේ අනෙක් කෙලවරේ ඇති අවන්හලක් වෙත පිටත් වූහ.
මට සතුටුයි සල්ලි වලටනන්,” චතුරි කතාව පටන් ගත්තාය. “ඒත්, අපොයි අර ප්‍රධාන නිළිය -- මොකක්ද එයාගේ නම? තිසුරි? එයාට පේලි හතරයි කියන්න තිබුනේ, ඒකවත් හරියට කියාගන්න බැරි උනානේ එයාට.
මන් හිතන්නේ එයාව ඒකට අරන් තියෙන්නේ එයාගේ පෙනුමට,” නිරාෂා පැවසුවාය.
ඇත්තටම, තරුෂී ඔයාට කරන්න තිබුනේ ඒ චරිතේ.
මොකක්?” තාරුක පුදුමයෙන් මෙන් චතුරී දෙස බැලීය.
ඇත්තටම, ඔයාට ඒ හැමදේම තියෙනවා, ඔයා හුරුබුහුටියි, හොඳට අඳිනවා, තව ඔයාට ඔයා ගැන විශ්වාසේ තියෙනවා. ඔයාට තමා ඒක ගැලපෙන්නේ.
අනේ මන් දන්නේ නෑ අනේ,” තාරුක සිනහවකින් උත්තර දුන්නේය. “මන් හිතන්නේ නෑ මමයි එයාලා හොයපු කෙනා කියලා.
විකාර,” තාරුකගේ අතට තට්ටුවක් දමමින් චතුරී පැවසුවාය.
නෑ, චතුරි හරි නිරාෂාද කතාවට එකතු විය. “එයාලා අරයගේ පෙණුමට තමා ගන්න ඇත්තේ. අපි වගේ ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක් එයාලා පැත්තකින් තිබ්බා.
ඒකනන් ඇත්ත,” චතුරී හිස සැලුවාය. “හරී එහෙනම් දැන් ගිහින් බඩ පැලෙනකන් කමු.
තිදෙනාම සිනාසෙමින් කුලී රථ රියදුරාට මුදල් ගෙවා රියෙන් බැස අවන්හල දෙස ඇවිද යන්නට විය.




පරිච්ඡේද අංක : 8


තාරුක, චතුරී සහ නිරාෂා පසුපසින් ද ක්‍රෑබ් නම් වූ අවන්හලට ඇතුල් විය. ඔහුට නැවතත් බියක් සිතෙහි ඇතිවූයේ එහි සෙනග යම් තරමක් සිටිනිසාය. අවන්හලේ බාර් එක අසල මේසයක අසුන් ගත් තාරුක දුටුවේ තමන් දෙස කිහිපදෙනෙකුගේම ඇස් යොමු වී ඇති බවයි. තම මේසයට එහාපැත්තේ මේසයේ සිට පිටව යාමට නැගිට්ට පිරිසට සුබ රාත්‍රියක් යැයි පැතූ වේටර් වරයා ඔවුන්ගේ මේසය දෙස හැරුනී. උස, කඩවසම් පෙනුමක් සහ කොටට කැපූ කොණ්ඩයකින් සහ තම ඇඟ පෙනෙන සේ හිරැති පෝලෝ ෂර්ටයකින් සැරසී සිටි ඔහු මොවුන් තිදෙනා දෙස හැරී සිනහවක්ද සමගින්,
කොහොමද දවස නෝනලා? මන් දසුන්, මොනවද අපි ඕඩර් කරන්නේ?” යැයි ඇසීය
අවසානයේ බීම ගෙනෙන්නැයි නිරාෂා පැවසූ අතර සාමාන්‍යෙන් බීම පානය නොකරන තාරුකද බීම උගුරක් දෙකක් පානය කිරීමෙන් පසු නැවතත් සාමන්‍ය තත්වයට පත් විය.
පසුව ආප්ප ඇණවුම් කර ඔවුන් ආප්ප ලැබෙන තෙක් විවිධ දේ කතාකිරීමට පටන් ගත්හ. අවට සිටින කඩවසම් තරුණයින් පිළිබඳ, අළුත් ඇඳුම් මෝස්තර පිළිබඳ, දේශපාලනය ගැන හා සිතට එන ඕනාම දෙයක් ගැන ඔවුන් තිදෙනා කතා කලහ. තාරුකට එය ඉතා ස්භාවික දෙයක් මෙන් දැනුණි.
ඔයාල දෙන්නා නම් නියමයි,” චතුරී පැවසුවාය. “ඇත්තටම මන් ඔයාලට අපේ ගෙදරට එන්න කියනවා වෙලාවක.
ඒකනම් නියමයි,” තාරුක පැවසුවේය.
නියමයි? මොනවද මන් මේ කියවන්නේ?
තම පිඟාන පසෙකින් තැබූ තාරුක මඳක් නැවතුනේ තමා මේ පවසන්නේ මොනවාදැයි කල්පනා කිරීමටය.
මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්. චතුරි පැවසුවාය..
තම හෑන්ඩ් බෑගය අතට ගත් නිරාෂා “මාත් යනවා ඔයා එනවද?” යැයි ඇසුවාය..
නෑ ඔයාලා දෙන්නා ගිහින් එන්න,” තාරුක හිස සලමින් පැවසුවේය. “මන් මේසේ බලාගෙන ඉන්නම්.
කකුල් දෙක එකට තබාගත් තාරුක වටපිට බලමින් සිනාසෙන්නට විය. සෙනසුරාදා රෑ, ලස්සන කෙල්ලෝ දෙන්නෙකුත් එක්ක මාත් කෙල්ලෙක් වගේ ඇඳගෙන කඩේකටත් ඇවිත්, කවුරුවත් දන්නේ නෑ මන් තරුෂී නෙමෙයි කියලා.. කොහොමද අනේ මෙහෙම උනේ??
මොකටද මේ තනියම හිනාවෙන්නේ?” පිටුපසින් කටහඬක් ඇසුනි.
හැරී බැලූ ඔහුට දැක ගත හැකි වූයේ ඔවුන්ගේ වේටර් වරයා වන දසුන් පැමින ඇති බවයි.
ආහ්හ් නෑ මේ නිකන්,” තාරුක පැවසූයේ ලැජ්ජාවෙන් මෙනි.
හරි හරි,” දසුන් පැවසීය. “මන් හිතුවේ ඔයා හිනාවෙන්නේ අතන බාර් එකේ බීලා පිස්සු නටපු කොල්ලාට වෙන්නැති කියලා.
දසුන් අත දිගු කල දෙස බැලූ ඔහුට දැක ගත හැකි වූයේ අධික ලෙස බීමත්ව සිටි තරුණයෙකි.
ඕහ්හ්,” තාරුක පැවසීය. “නෑ, මන් ඒක දැක්කේ නෑ.
ඒකට කමක් නෑ,” දසුන් පැවසුවේය. “තව මොනවාහරි ඕනද මිස්ට?”
අනේ නෑ, මන් -- මට
ඔහොම ඉන්නකො මේක මන් ගානේ යැයි පැවසූ දසුන් ඉක්මන් ගමනින් ගොස් රතු පැහැති බීම වීදුරු තුන ක් ගෙනාවේය. තාරුක අතට වීදුරුව දුන් ඔහු තාරුක ඉදිරියේ වූ පුටුවේ වාඩි වී තාරුක දෙස බලා සිටියේ ආඩම්බරයෙන් මෙනි.
මොනවද මේ තාරුක ඇසුවේය..
මේ කොස්මොපොලිටන්. ඔයා කොස්මෝ ටයිප් එකේ කෙල්ලෙක් වගේ මට පේන්නේ.
ස්තූතී,” උගුරක් පානය කරමින් තාරුක පැවසීය.
කිසිම අවුලක් නෑ. කෝ ඔයාගේ යාලුවෝ?”
ඒ දෙන්නාම වොශ් රූම් එකට ගියා.
හරී,” සිනහවක් සමගින් පිලිතුරු දුන් දසුන්, “මන් හිතන්නේ ඒක අසාධාරණයි ඔයා මගේ නම දැනගෙන මන් ඔයාගේ නම නොදැන කථා කරන එක.
මගේ නම තා -- තරුෂී,” ඔහු පැවසුවේය.
ලස්සන නමක්, සතුටුයි හඳුනාගන්න ලැබුන එකට තරුෂී, ඔයාගේ යාලුවෝ එනවා වගේ. ඔයා මෙහේ තව වෙලා ඉන්නවනන් අපිට ටිකක් කතා කරන්න තිබුනා.
හරි,” තාරුක පිලිතුරු දුන්නේ වෙන කියන්නට දෙයක් සිතා ගැනීමට අපහසුවෙන්ය.
තාරුක දෙස සිනහවක් හෙලූ දසුන් අසුනෙන් නැගිට නැවතත් අවන්හල ඇතුලට ගියේය.
ඕහ්හ්,, නියමයි තරුෂී. මේ වෙලාවේ කොස්මෝ මරු.මේසය දෙස බැලූ චතුරී සතුටෙන් පැවසුවාය.
මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්,” යැයි පැවසූ තාරුක තම හෑන්ඩ් බෑගයද ගෙන වොශ් රූමයට අවසානයේ ලඟා විය. වොශ් රූමයේ දොර අසලට ලඟා වූ තාරුකට මතක් වූයේ වෙනදා මෙන් නොව තමාට කාන්තා විවේකාගාරය අද පාවිච්චි කරන්නට වන බවයි. ඇතුලත ආලෝකය එතරම්ම නැත.. කාන්තාවත් දෙදෙනෙකු පසු කල තාරුක කුටියක් ඇතුලත වී තම ශිපය ගලවා පෑන්ටිය හා ගාෆයද ගලවා,
අම්මෝ දෙයියනේ,” යැයි පැවසූයේ තම ශිශ්නය එලියට ගනිමිනි.
ඇතුලත දමා හිර කලාක් මෙන් තැබූ නිසා එයට වෙනදාට මෙන් හැඟීමක් තිබුනේ නැති අතර මඳ වේලාවක් අත ගෑමෙන් නැවතත් එයට පණ ආවා මෙන් දැනුණි. එනමුත් දම් පැහැ නිය සහිත අතකින් එලෙස කිරීම අමුතු හැඟීමක් එක්කරන්නට සමත් විය.
ඉක්මනටම මේක නවත්තන්න වෙනවා,” තමාටම ඔහු කියාගත්තේය.
මූත්‍රා කල පසු නැවතත් කකුල් දෙක මැදට තම ශිශ්නය දමා ගාෆය සහ පෑන්ටිය සමග කලිසම ඇඳගත් ඔහු සින්ක් එකෙන් අත් සෝදා ගෙන, තම මේක්-අප් එකද නැවත සකසා ගෙන වොශ් රූමයෙන් එලියට ආවේය. නැවතත් තම මිතුරන් දෙදෙනා සිටිනා දෙසට ගමන් ඇරඹූ ඔහුගේ උරහිස් දෙකට කිසියම් අයෙකු තට්ටු කරනවා දැනුණු ඔහුට හැරී බැලූ විට දැක ගත හැකි වූයේ සිනහවකින් මුහුන පුරවාගෙන සිටින නිසංසලාය!! ඔහුගේ හදවත මදකට නැවතුනේය.
තරුෂී? මන් හිතුවා ඔයා කියලා!
දෙවනි වතාවටත් බ්ලශ් නිසා තමාගේ මුහුනේ ඇඳෙන සිතුවිලි එලියට නොපෙනීම ගැන ඔහු සතුටු විය.
ඇය තවත් නාගරික විවාහක කාන්තා පෙනුම ඇති තැනැත්තියන් දෙදෙනෙකුගේ මේසයක අසුන් ගෙන සිටි අතර තිදෙනාම විශාල මංගල මුදු පැලැඳ සිටියෝය.
මන් හිතුවා මන් දැක්කේ ඔයාව කියලා වොශ් රූම් එකට යනවා, ඒ උනාට ඒ ගැන ශුවර් එකක් තිබුනේ නෑ දැන් වෙනකන්ම. අනේ දෙයියනේ, මට ගොඩක් සතුටුයි ඔයාව දකින්න ලැබුනාට! කොහොමද ඉතින් ඔයාට?”
අහ්, මන්... මන් හොඳින්,” තාරුකට වචනද පැටලුනි, ඔහුගේ මනස මෙතනින් කෙසේ පලා යන්නේද යන්න කල්පනා කරමින් තිබුණි. තම මිතුරියන් වෙත හැරුනු නිසංසලා,
මේ ඉන්නේ මාත් එක්ක එකට වැඩ කරපු කෙනෙක්ගේ නංගි කෙනෙක්,” යැයි පැවසුවාය. “මෙයාගෙ නම තරුෂී හොඳ වැදගත් තරුණ ගෑණූ ලමයෙක්.
අනෙක් කාන්තාවන් දෙදෙනා දෙස බැලූ තාරුක ආයාසයෙන් සිනහවක් තොල් අගට ගෙන අත සෙලවූවේය. තාරුකට ලඟින්ම සිටි කාන්තාව, “ලස්සනයි ඔරලෝසුව, තරුෂී. මන් මහත්තයට මේ ටිකේම නොකියා කියනවා මටත් එකක් අරන් දෙන්න කියලා. යැයි පැවසුවාය.
අනෙක් කාන්තාව සුහදව සිනාසුනු අතර තාරුකද ඇයට සුහද සිනහවක් පෑවේ, මෙතනින් ඉක්මනටම ගැලවී යාමට මගක් කල්පනා කරමින්ය.
ඔයා දන්නවද, මට ගොඩක් සතුටුයි ඔයාව හම්බුනු එකට,” නිසංසලා පැවසුවාය. “ඔයා ලඟදි තාරුකට කතා කලාද?”
අහ් අනේ නෑනේ,” තාරුක පැවසීය.
හරි, මන් හිතුවා ඔයාගෙන් එයා ඒක කොහොමත් අහන එකක් නෑ කියලා.“ නැවතත් තම මිතුරියන් දෙදෙනා දෙසට හැරුනු ඈ, “ඔයාලට මතකයිනේද මගේ යාලුවා චරිත්? එයා මේ දවස්වල තනියෙන්නේ ඉන්නේ. මට තරුෂීව අපහසුතාවයකට ලක් කරන්න ඕනේ නෑ, ඒත් ඔයාලා හිතන්නේ නැද්ද තරුෂී චරිත්ට ගැලපෙනවා කියලා?” යැයි ඇසීය..
තමන්ගේ හඳවත කකුල් දෙක පහලට දියවෙලා යන්නාක් මෙන් තාරුකට දැනිණි.
මට සමාවෙන්න,” නිසංසලා පැවසීය. “සමහරවිට ඔයා හිතනවා ඇති මන් පිස්සු කියවනවා කියලා, මන් ඔයාගෙන් අහන්න හිටියේ ඔයාට කව්රුහරි කෙනෙක් ඉන්නවද ගමේ?”
අහ්, මට -- මන්  -- තාරුක පවසන විට,
මොකද එහෙම නැත්තන් මන් දන්න කෙනෙක් ඉන්නවා හොඳ වැදගත් මහත්තයෙක් අපේ ගෙවල් ලඟ.
තාරුක තම කතාව ඉදිරියට ගෙන යාමට සැරසුනද, නැවතත් මැදට පැන නිසංසලා, “මන් දන්නවා ඔයාට ඔයාගේ යාලුවෝ ලඟට යන්න හදිස්සී කියලා. ඒත් මට ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ අපි දවසක මුණ ගැහිලා කථා කරමු. යැයි පැවසුවාය.
තාරුකට කිසිම අදහසක් තිබුනේ නැත. අවසානයේ ඔහුගේ කටින් සාරතීගේ දුරකතන අංකය පිටවනු ඔහුට ඇසුනි. ඔහුට එවලේ කටට ආ එකම නම්බරය එය විය.
නියමයි,” නිසංසලා කීය. “මන් ඔයාට කතා කරන්නම්, සුබ රාත්‍රියක්, කෙල්ලේ.
කෙසේ හෝ චතුරී සහ නිරාෂා සිටින මේසය අසලට පැමිනීමට ඔහු සමත්විය. ඔහු තවමත් සිතමින් සිටියේ ටික වේලාවකට කලින් සිදු වුන සිදුවීම පිලිබඳවයි.
අන්න එයා එනවා,” නිරාෂා පැවසීය. “කොහෙද ගියේ මෙච්චර වෙලා?”
මොකක්?” වර්තමානයට නැවතත් පැමිනෙමින් තාරුක ඇසුවේය.
අපේ වේටර් ටික වෙලාවකට කලින් ඇවිත් බිල දෙනගමන් ඔයාට දෙන්න කියලා නම්බර් එක ලියපු නැප්කින් එකක් තියලා ගියා මේ.. මන් හිතන්නේ එයා ඔයාට පිස්සු වැටිලා නිරෂා සිනාසෙමින් පැවසුවාය.
පුදුම වෙන්න දෙයක් නෑ,” තාරුකගේ මුහුන දුටු චතුරී සිනාසෙමින් පැවසුවාය. “ඔයාට ඕනේ නම් ඉන්න එයා එක්ක කතා කරලා එන්න.
මට -- මට බෑ,” තාරුක පැවසුවේය. “මන් දැන් ගෙදර යන්න ඕනේ.
ඔයාගේ කැමැත්තක්,” නම්බර් එක සහිත නැප්කිනය තාරුක දෙසට තල්ලු කරමින් නිරාෂා තෙපලීය.
හරි එහෙනම් අපි කුලී රථයක් හොයාගන්න බලමු.
මඳ වේලාවකට පසුව තම නිවසට ඇතුල්වන්නට තාරුකට හැකියාව ලැබින, ඒ චතුරීට සහ නිරාෂාට සුභ පතා නැවත ඉක්මනින් හමුවෙමුයි යන පොරොන්දුවක්ද සමගිනි. තම නාන කාමරයේ සිටගත් ඔහු එහි ඇති කණ්ණාඩියෙන් තමා දෙස බලමින් එදින උදයේ සිට සිදුවූ සියල්ල මෙනෙහි කලේය.
මානසිකව, ඔහු හෙම්බත් වී සිටියේය.
නානකාමරයේදී සියලුම මේක් අප්, ව්‍යාජ පියයුරු යුගලය හා බොරු කොණ්ඩය ඉවත් කල ඔහුට තම සාමන්‍ය මුහුණ නැවත දිස්වීම අමුත්තක් සේ දැනිනි. ඇඳුම් සියල්ලද ඉවත් කල සෝදා, ඔහුද ඇඟ සෝදාගෙන ඇදට ගොඩවූ තාරුකට තම මුහුණ කොට්ටය මත පතිතවනවා වත් දැනුනේ නැත.
පරිච්ඡේද අංක : 9


තම දොර දෙසින් ඇසුන තද බල ශබ්දයකින් ඔහුගේ අමුතුම ආකාරයේ සිහිනවලට බාධා පැමින ඔහු අවදි විය. ඇස් ඇර බැලූ ඔහුට දැනුනේ තම උගුර තුවාල වී ඇත්තාක් මෙනි. ඔලුවද යම්තාක් දුරකට කැරකෙනවා මෙන් දැනුනි. තම ඇදෙන් බැසගත් ඔහු නිදිමතේම තම ඉදිරිපස දොර කරා පැමින දොර විවර කල අතර උදෑසන හිරු කිරණ නිසා ඇස් වලටද යම් අපහසු තාවයක් දැනුණි.
සුබ සැන්දෑවක්, පාටි කෙල්ලේ, ලස්සනයි නියපොතු හරිද. සිනාසෙමින් සාරතී පැවසුවාය.
නිදිමතේම තම කකුලේ වූ පාට කල නියපොතු දෙස බැලූ තාරුක දෙඋර හැකිලුවේය.
කීයද දැන් වෙලාව?”
ආහ්, එකහමාරට විතර ඇති,” සාරතී පැවසුවාය. “ඔයා කීයටද ඊයේ ආවේ?”
ගොඩක් පරක්කු වුනේ නෑ, මන් හිතන්නේ මහන්සියට වෙන්නැති නින්ද යන්න ඇත්තෙ මෙච්චර වෙලා.
කොහොමද හොඳයිද ගමන?” ඇතුලට එනගමන් ඇය ඇසුවාය.
ඔව්,” තාරුක පැවසීය. “කාලෙකට පස්සේ මන් ඒ වගේ සතුටක් ලැබුවේ.
ඉතින්...,” සාරතී කතාව පටන්ගත්තාය. “ඔයාට මතකද එතකොට ඔයා නිසංසලාට අහු උනා එහෙදි?”
තාරුකගේ හදවත මදකට නැවතුනි. ඔහුට එම සිදුවීම අමතක වී තිබුනි.
අපොයි දෙයියනේ...
හිතාගන්නකෝ මගෙ වොයිස්මේල් එකට අද උදේ නිසංසලා ඉක්මනටම චරිත් ගැන කතා කරන්න හම්බෙමු තරුෂී කියලා එවලා තිබුනම මට හිතුන දේ ගැන?“
අනේ දෙයියනේ... තාරුක නැවතත් පැවසීය. “මට අමතක උනා මන් එයාට දුන්නේ ඔයාගේ නම්බර් එක කියලා.
ඇයි ඔයා මගේ නම්බර් එක එයාට දුන්නේ?”
මන් එකපාරටම බය උනා,” තාරුක පැවසීය. “එයාට මගෙ නම්බර් එක ඕන උනා, ඒත් එයා ගාව දැනටමත් මගෙ නම්බර් එක තිබුනානේ, ඉතින් මට ඒ වෙලාවේ කටට ආවේ ඔයාගේ නම්බර් එක.
හ්ම්ම්.. එතකොට දැන් ඔයා මොකක්ද කරන්න හදන්නේ?”
අනේ මන්දා.
මන් හිතන්නේ නන් ඔයාට එයාව හම්බෙන්න වෙයි,” සාරතී පැවසුවාය.
මොකක්? ඇයි?”
මොකද, පැහැදිලියි එයා, ඔයාව හම්බෙනකන් ඔයාව හම්බෙන්න හදන එක නවත්තන්නේ නෑ. අඩුම ගානේ ඔයාට එයාව හම්බෙලා කෙලින්ම කියන්න පුලුවන්නේ ‘තරුෂී‘ ඒ කියන්නේ ඔයා, මේකට කැමති නෑ කියලා.
එයාට මැසේජ් එකක් දාන්නකෝ,” තාරුක පැවසුවේය. “එයාට කියන්න මන් බිසී කියලා.
තාරුක, එයා ඔයාගෙන් අහන්න විතරයි යන්නේ, ඔයාට හැමදාම එයාව මඟහරින්න බෑනේ. එයාව හම්බෙලා වැදගත් විදිහට එයාට කියන්න ඔයා මේකට කැමති නෑ කියලා, ඒකෙන් සේරම ප්‍රශ්න ටික විසඳෙනවනේ? ඒ වගේ කට්ටිය එහෙම කෙලින් කතා කරාම ඒක පිලිගන්නවා. දැන්වත් ඇති ඔයා මේ පස්සට වෙලා හිටියා හැමදේටම..
සුසුමක් හෙලූ තාරුක, “ඇත්තටම මන් ජොබ් එකකුයි හොයන්න ඕනේ මේ වෙලාවේ හැටියට, වල්පල් කතාකර කර ඉන්න එලියට යන්න නෙමෙයි මගෙ ඉතුරු සල්ලි ටික වියදම් කරගෙන. ඒකත් අර නිසංසලා වගේ කෙනෙක් එක්ක?”
ඔන්න ඔයා දැන් ප්‍රශ්නෙන් පිට පනිනවා,” සාරතී පැවසුවාය. “ඒ ප්‍රශ්නේ ඊයේ ඔයා අර කෙල්ලෝ දෙන්නා එක්ක ඇවිදින්න යද්දී ඔයාට වදයක් උනේ නෑනේ, අනික මේ, මේ විදිහට හිතන්නකෝ, සමහරවිට ඔයාට කියන්න පුලුවන් මේ දවස්වල තාරුක ජොබ් එකක් හොයන්න ගොඩක් මහන්සි වෙනවා කියල. එයා ඇත්තටම තරුෂීට ගොඩක් කැමතී වගේ, සමහරවිට එයා ඒ නිසා ඔයා කියන එක අහලා ඔයාට ජොබ් එකක් හොයලා දෙයි?”
තාරුක හට කියන්නට කිසිවක් සාරතී ඉතුරු කර තිබුනේ නැත. කතාව ඇත්තය. සමහරවිට සාරතී පවසන්නාක් මෙන් මෙම අවස්තාව තමාගේම ප්‍රයෝජනයට ගැනීමට ඔහුට හැකිවන්නට පුලුවන.
හරි,” තාරුක පැවසුවේය. “මන් හිතන්නේ ඔයා හරි.
මන් ඉතින් හැමදාම එහෙමනේ.. සාරතී සිනහවක්ද සමගින් පිලිතුරු දුන්නාය.
මන් හිතන්නේ... එහෙනම් එයාට මැසේජ් එකක් දාලා අහන්නකෝ එයාට කවදටද හම්බෙන්න ඕනේ කියලා.
හරි මන් කරන්නම්, ඒත් එයා ඒක කියනකන් අපිට ලෑස්ති වෙලා ඉන්න වෙනවා මිස් තරුෂී.
මොකක්ද ඒ කතාවේ තේරුම?“ තාරුක ඇසුවේය.
ම්ම්ම්, එයා ඒ වෙලාවේ හිතුවේ ඔයා තරුෂීමයි කියලනේ, ඒ උනාට ඒ වෙලාවේ රෑ යාලුවෝ එක්කනේ එයා හිටියේ, නේද? දැන් ඒ උනාට ඔයා එලියට යන්න හදන්න මහ දවාලේ.
හරි ඔයා මොනවද ඒ ගැන හිතන්නේ?”
සතුටුයි ඔයා ඒ ගැන ඇහුව එක ගැන,” කපටි සිනහවක් සමගින් සාරතී පිලිතුරු දුන්නාය…


දෙවන කොටස බලාපොරොත්තුවන්න...


මුලින්ම කියන්න ඕනේ මේ මගේ පලවෙනි උත්සහය කතාවක් පෝස්ට් කරන. ඒ නිසා මේක කියවන ඔයාලට ඇතිවෙන ප්‍රශ්න,ගැටලු,මගේ වැරදුනු තැන් මේ හැමදේම මට කමෙන්ට් එකකින් දන්වන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාවේ ඉතුරු ටික ඔයාලට කියවන්න ඕනෙදයි කියලත්,ඉදිරියට ඔයාලට කියවන්න ආස මතෘකාත් මට කමෙන්ට් කරයි කියල මන් බලාගෙන ඉන්නවා..